Monday, June 11, 2012

Friend Request/ Message බ්ලොක් කරලද?




මගේ අම්මේ..... හුඟ කාලෙකින් මේ පැත්තේ රවුමක් දාල යන්න ආවේ.
තව ටික දවසක් ගියානම් Blog එක අමතක වෙලාම යනවා. වැඩ රාජකාරි කිව්වම ඉතින් ඉවරයක් කියල තියෙනවයැ... නේද?  හරි, දැන් ඒ කතාව අමතක කරලා දාල වෙන දෙයක් ගැන බලමුකෝ.

             
අද අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ Facebook පාවිච්චි කරන කොයි කවුරුත් පාහේ මුහුණ දෙන ගැටළුවක් පිළිබඳව. ඒ තමයි, අපි යවන friend request වැඩි වෙලා අපේ Friend Request සහ Messages Temporary බ්ලොක් කරන එක. අනික පොඩි කාලෙකට කියලයැ! සමහර වෙලාවට මාසයක් විතරත් Block කරනවනේ. එහෙම වුනාම නම  මේ මඟුල එපා වෙනවා නේද යාලුවනේ? ඇයි අෆ්ෆා... ලස්සන ගෑනු ළමයෙක් එහෙම හදිස්සියේ set උනොත්, කොහොමද Request එකක්වත් දාන්නේ?


                                         
                       හරි හරි, මේකට පුංචිම පුංචි විසඳුමක් තියෙනවා, මම වගේම ඔයාලත් Use කරන්න Unfriend Finder. මම මේක Use කරන්න පටන් අරන් ගොඩක් කල් වෙනවා. කිසිම Block කිරිල්ලක් නැතිව අද වෙනකලුත් මම ඔය යස අගේට ඉන්නේ. මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ ඔයාල මෙතෙක් කල් යවපු friend Request වලින් conform නොකරපු, ඒ කිව්වේ Pending Request අයින් කරන එකයි.    ඔයාලත් බලන්නකෝ එහෙනම්, හොඳේ...



තව දෙයක් යාලුවනේ, ඔයාල Use කරන Browser එක අනුව පහල තියෙන Link වලට ගිහින් Download කරගන්න. වැඩි විස්තරයක් අවශ්‍ය වෙන 1ක් නෑ. මොකද පහල Link එකට ගියාම රූප සටහන් එක්කම පැහැදිලි කරලා තියෙනවා. මොකා..ක් හරි ගැටළුවක් මතු වුනොත් Comment 1ක් දාල හරි අහන්න.

ඔන්න Firefox භාවිතා කරන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/firefox

මේක Google Chrome වලින් එන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/chrome

මේ තියෙන්නේ Safari User's ලට
http://www.unfriendfinder.com/help/installation/safari

Opera Browser ඒකෙන් එන කට්ටිය මෙතනින් ගන්න
http://www.unfriendfinder.com/help/installation/opera

පහලින් තියෙන්නේ Internet Explorer භාවිතා කරන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/ie

ගිහින් එන්නා....ම්
බයි බා...යි